Category Archives: නවකතා

“කවදාවත් නොවිදිමි දුක්” – 10 වන කොටස


FB

ඇතුල්වෙන දොරටු‍‍වෙ හිටපු අයියගෙන් අයි ඩී එකත් ඉල්ලගෙන මම පුණ්‍යත් එක්ක පාර දිහා‍ට ඇවිදගෙන ආවා..

‍ටී…‍‍ටීක් ‍‍‍ටී…ටීක්…

“ම්…ෆෝන් එක නේද බොලේ කෑ ගැහු‍වෙ..”

මම ෆෝන් එක අරගෙන බැලුවෙ පුණ්‍යාත් ලග ඉද්දි ම‍ට මැසේජ් කරපු උන්දැ කවුද කියලා..අප්ප‍ටසිරි.පුවක් ගහෙත් දෙබල් කිව්වලු.

“කවුද තනූ මැසේජ් කරල තියෙන්නෙ…”

“මලකෙලියයි පන..අපේ පන්තියේ හසිනි…එයා අපිව දැකලා…”

“ඒ ‍කොහොමද තනූ…”

“හසිනිලගෙ ගෙවල් මේ පාරෙලු තියෙන්නෙ…”

“අයියෝ…මදෑ…කට්ටියට හොරෙන් ලව් කරන්න ආවා…හිහි…”

                                    *******************************************

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්” – 09 වන කොටස


FB

 

“සොරි පන.මම නාන්න ගියා.මොකද කරන්නෙ දැන්.ම්….”

විනාඩි දෙකක් විතර යනකම් රිප්ලයි ආවෙ නෑ පුණ්‍යගෙන්.

“ආ මේ ඉන්නෙ මගෙ වස්සා…චිත්‍රයක් අදිනවා පැටියෝ..ඔයා…”

“ආ එහෙමද…මම නම් දැන් ඔයාට මැසේජ් කරනවා විතරයි.”

“මැට්ටො පාඩම් කරන් නැද්ද ඔයා..”

“කම්මැලි අනේ පාඩම් කරන්න.ඔයාවත් ඉන්නවනම්…..”

“ඇයි මං ඉන්නවනම් මොකෝ..”

“එතකොට පාඩම් කරනවා..”

“කොරයි කොරයි..හි හි…”

“කරනවා තමයි..”

“අනේ තනුක ඔයා එයාර්‍ ටෙල් සිම් එකක් ගන්නකො ඉක්මනට..එතකො‍ට අපි‍ට ‍ෆ්රී චැ‍ට් කරන්න පුලුවන්නෙ…”

“හ්ම්……..ඒකත් ඇත්ත.ඒත් පන මේ නම්බර් එකනෙ හැමෝම දන්නෙ…”

“ඉතිං තනූ අපිට මැසේජ් කරන්න බෑනෙ නැත්තම්..”

“හ්ම් හ්ම්…කමක් නෑ..අපි හෙට මීට් වෙනවනෙ..එතකො‍ට ගම්මුකො සිම් එකක්.ම්…”

 

                        ********************************************************

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්” – 08 වන කොටස


FB

ගොඩක් පොහොසත් පවුල්වල ලමයි උයන්න තියා කහට කෝප්පයක්වත් හදාගන්න දන්නෙ නෑ.අතට පයට වැඩකාරයෝ තියාගෙන තම තමන්ගේ අවශ්‍යතා කරගන්න හයික්ලාස් බේබිල‍ට වඩා, පොහොසත් උනත් ලංකාවේ ගැහැණියකගේ තියෙන්න ඕන කායික මානසික සමාජීය ගුණාංග පුණ්‍යාගේ තියෙනවා නේද කියලා පුණ්‍යා‍ ගැන අහිංසක ආඩම්බරයක් මගේ හිතේ ඇතිවුනා.

“මචං තනුක..මොනවා උනත් උබට පුණ්‍යාව බැන්දට පස්සෙ හොදට රහට කන්න නම් පුලුවන් බං…”

මුදිත කිව්වෙ උගුරට දෙකට පුණ්‍යා‍ගේ වතුර ‍බෝතලේ හිස් කරනගමන්.පුණ්‍යට ආදරේ කරන්නෙ මං,ඒත් මට හම්බවෙන වරප්‍රසාද මුදිතට.මේක නම් ‍ශෝක්.

“නැතුව නැතුව..ඒත් මචං මමයි පුණ්‍යායි ජීවත් වෙන තැනකට උඹවනම් වැරදිලාවත් එක්කන් එන්නෙ නෑ..”

“ඇයි ය‍කෝ ඒ…උබට මාව ෂුවර් නෑ නෙ..”

“පිස්සුද ඌරෝ..එහෙම දේකට නෙමෙයි.උබ අ‍පි ලගට ‍ආවට පස්සෙ උබ‍ට තුන්‍ වේල කන්න ‍දෙන්න උනොත් එහෙම මට බැංකුවක්වත් කඩන්න වෙනවා.ඒකයි.”

***************************************************

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්” – 07 වන කොටස


FB

 

“මම කොහොමත් හොදට ඉගෙන ගන්නවා පුණ්‍යා.ඒක නෙමෙයි මට කියන්න දෙයක් තියෙනවා ඔයාට.හැබැයි මේ දෙයින් අපේ යාලුකම නැති වෙන්න බෑ“

“මොකක්ද කියන්නකො තනුක.ඊට පස්සෙ කියන්නම්“

“කෝ අම්මා“

“අම්මි යාලුවෙක්ගෙ ගෙදර ගිහින්..“

“ආ එහෙමද?…හරි.මම කියන්නම්කො.පුණ්‍යා මම ඔයාට ගොඩක් ආදරේ කරනවා.මං ගොඩක් දවස් ඉදන් ට්‍රයි කරා මේක ඔයාට කියන්න.මං බයෙන් හිටියෙ ඔයා මා එක්ක තරහ වෙයි කියලා.“

“ත..ත් තනුක…ඔයා මේ විහිලුවට නේද කියන්නේ.ම්…“

“නෑ පුණ්‍යා ඔයා දන්නවා මම විහිලුවට ආදරේ ගැන කතා කරන්නෑ කියලා.මම ඇත්තටමයි මෙහෙම කියන්නෙ.අපි දෙන්නා හොදට තේරුම් අරගෙන කියලා මට හිතෙනවා.මට ඔයාව යාලුවෙකුට වඩා ලංකර ගන්න ඕන පුණ්‍යා.හැමදාම ඔයාගේ ලගින් ඉදගෙන ඔයාට ආදරේ කරන්න ඕන.ඔයාගේ තීරණය කියන්න පුණ්‍යා..“

“…………………….“පුණ්‍යාගේ කටහඩ ටිකක් වෙලා යනකම් මට ඇහුනෙ නෑ..ඒ වෙනුවට මට ඇහුනෙ හෙමින් කෙදිරි ගානවා වගේ ශබ්දයක්.

“ඔයා අඩනවද පුණ්‍යා..ම්..කියන්නකො..“

“ඔ..ව් තනුක…මට ගොඩක් දුකයි.ඇත්තටම ඔයා මට ආදරෙයිද තනුක…හැමදාමත් මගේ ලගින් ඉන්නවද ඔයා…“

“ඔව් පුණ්‍යා සත්තයි.හැමදාම ඔයාගේ ලගින්ම ඉන්නවා මං.“

“මමත් ඔයාට ගොඩක් ආදරෙයි තනුක.මමත් නොකිව්වට ඔයාට ගොඩාක් ආදරේ කරා…හැමවෙලේම ඔයාගෙ ලගින් ඉන්න ආසයි මම.I LOVE YOU THANUKA……LOVE YOU SO MUCH…“

“මට ගොඩක් සතුටුයි පුණ්‍යා….ගොඩා…ක්.අද ඉදන් මගෙ කෙල්ලව මං හැමදාමත් බලා ගන්නවා….ගොඩාක් ආදරෙයි පන මේ පිස්සු කොල්ලා ඔයාට…“

“මේ පිස්සු කෙල්ලත් එහෙමයි පිස්සු කොල්ලෝ…හිහි..“

“අන්තිමේ පන්තියේ උන් කිව්ව දේ ඇත්ත උනා නේද පුණ්‍යා…“

“ඒකනේ අනේ…මට ගොඩක් සතුටුයි තනුක.මොනදේ කලත් ඔයා හොදට ඉගෙනගන්න ඕන හොදද?මං දැං ඔයාගෙ ලගින් ඉන්න නිසා ඔයාට පුලුවන්නෙ හොදට ඉගෙන ගන්න පිස්සු නොකර…“

                        *******************************************

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්” – 06 වන කොටස


FB

 

 

තනුක……..“

පුණ්‍යාගෙ කට හඩින් මම ගැස්සුනා.පුණ්‍යාගෙ ලගට ගිහින් මම ඉදගත්තෙ ගොඩක් ආසාවෙන්…

“ඇයි පුණ්‍යා..“

“තනුක ඔයා ගොඩක් ලස්සනට සින්ග් කරා..මම ගොඩක් ආසාවෙන් තනුක බලන් හිටියෙ…ඇත්තටම ඔයාගෙ වොයිස් එක ආත්මගෙ වගේ..“

“ඔන්න ඔන්න ඉතිං බොරු කියනවා.ආසාවෙන් බලං හිටියා කියලනම් මට පෙනුනා..ඇගට මොකක්ද උනා එහෙම බලද්දි..“

“මොකක්ද මොකක්ද…………..ඕකනම් හොද ලෙඩක් නෙමෙයි තනුක..ඉක්මන්ටම අඩු කරගන්න වෙයි ලමයෝ..“

පුණ්‍යා හිනාවෙන ගමන් කිව්වා..

“හැබැයි බේත් නම් තියෙනව මේකට…ඒත් ඉතිං බොන්න බයයි“

මට එහෙම කිවුව නෙමෙයි කියවුනා..

“යනවා යන්ඩ මෝඩයා…එන පොට නම් හරි නෑ ඔයා…“

**********************************************************************************************

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්“ – 05 වන කොටස


FB

 

සොරි පුණ්‍යා.හැමෝම හිතන් ඉන්නෙ මමයි ඔයයි යාලුයි කියලා.ඉතිං හැමෝම මගෙන් පාටි ඉල්ලනවා“

මොකක්අපි දෙන්න යාලුයි????ඒ මොකක්ද අනේ ඒ කතාව.“

කවුද දෙයියනේ දන්නෙ..මුංගෙ කතානෙ ඕවා“

හ්ම්….ආ තනුක.“

පුණ්‍යා රුපියල් පන්සීයක් මට දික් කරා..

මොකද පුණ්‍යා මේ..ඇයි සල්ලි“

මේකෙන් යාලුවන්ට කන්න අරන් දෙන්න..“

ඔයාට පිස්සුද අනේ.අපි දෙන්න අතර මෙයාල කියනව වගෙ සම්බන්ධයක් නෑනේ.ඇයි මෙහෙම වියදම් කරන්නෙ.“

ඒක ඉතිං කට්ටිය පිලි ගන්නෑනෙ තනුක.ඔයා ඕකෙන් යාලුවන්ට කන්න අරන් දෙන්නකො ඉතිං.මං සතුටින් දෙන එකනෙ.ම්…“

අනේ මන්ද පුණ්‍ය ඔයත්…“

********************************************************

 

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්“ – 04 වන කොටස


FB

 

පුණ්‍යාගේ රතුවුන ඇස්වලින් කදුලු වැටෙන කොට මමත් ගොඩක් සංවේදි උනා.මට දැනුනා මගෙ ඇස් වලත් කදුලු පිරෙනවා. යහලුවෙකුගෙ ප්‍රශ්නෙකදි තවත් කෙනෙක් අඩනවා දුක් වෙනවා කියන එක අද සමාජයේ මොන තරම් දුලභ දෙයක්ද.. ඒ අතින් පුණ්‍යාගෙ ගතිගුණ මොන තරම් ඉහලද..

“මං දන් නෑ පුණ්‍යා..හැමදෙයක්ම මං කිව්වෙ ඔයාට විතරයි. දැන් මගෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඔයා අඩන් නැතුව ඉන්නකෝ. බලන්න යාලුවොත් අපි දිහා බලාගෙන ඉන්නෙ..“
මගෙ හිතටත් ලොකු දුකක් දැනුනත් හිතට අමුතු සැහැල්ලුවක් දැනෙනව කියලා මට තේරුනා.

“ඕකේ තනුක. මම දැන් අඩන් නෑ .මම හිතුවෙ නෑ ඔයා මෙච්චර දුකක් හිතේ තියාගෙන ඉන්නව කියලා. කොහොම උනත් දැන් ඔයාගෙ හිතට සැහැල්ලුවක් දැනෙනවා නේද? ම්…“
පුණ්‍යා ලේන්සුවෙන් කදුලු පිහින ගමන් මට කිව්වා.
“ඇත්තටම ඔව් පුණ්‍යා. ඔයාට ගොඩක් පිං මගෙ කතාව ඇහුවට..මමත් ඔයාගෙන් දෙයක් අහන්න මට උත්තර දෙනවද?“
“මොකක්ද තනුක ඔයා අහන්නේ ම්….“
“පුණ්‍යා මට වගේම ඔයාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?“
“ඇ…යි ඇයි තනුක එහෙම ඇහුවෙ..“
“නැ පුණ්‍යා මට ඒක දැනුනා. ඔයත් මොකක් හරි හිතේ තියාගෙන ඉන්නෙ කියලා. “
“එ..හෙ..ම දෙයක් නෑ තනුක…“
“ඒත්….හ්ම් එහෙමනම් කමක් නෑ..හොදයි මම යන්නම් එහෙනම්“
පුටුවත් අරගෙන මම යන්න ලැහැස්ති උනා.
“තනුක…පොඩ්ඩක් වාඩිවෙන්නකෝ…“
මම ආයෙමත් වාඩි වෙලා පුණ්‍ය දිහාට හැරුනා.
“මටත් ප්‍රශ්න තියෙනවා තනුක.මමත් කා එක්කවත් ඒව කියල නෑ.මට සමහරක් දේවල් ඔයා එක්ක කියන්න ලැජ්ජයි තනුක ඔයා පිරිමි ලමයෙක් නිසා..“
********************************************

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්“ 03වන කොටස


FB

මවකගේ උනුසුම නොමැති වූ විට යෞවනයෙක් මොන තරම් තනිවෙනවාද? “තනුක“ මොහුගේ අනාගතය කුමන අන්දමින් තීරණය වේවිද?

බලන්න මේ “කවදාවත් නොවිදිමි දුක්“ 03 වන කොටස.

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්“ – 02වන කොටස


FB

“කවදාවත් නොවිදිමි දුක්“ නව කතාවේ දෙවන කොටසත් ඔන්න දැන් ඔබට බලන්න පුලුවන්.

 

දිගටම කියවන්න

“කවදාවත් නොවිදිමි දුක්“ – 01වන කොටස


FB

ජීවිතයට ප්‍රශ්න එන්නෙ අපි හිතන්නෙවත් නැති ඉක්මනින්.පුංචි කාලේ ඉදන්ම ප්‍රශ්න එක්ක ජීවත් වෙච්ච තරුණයෙක්ගේ සත්‍ය කතාවක් http://www.lankaketikatha.wordpress.com වෙබ් අඩවියේ පලමු කතාව ලෙසින් පල කරන්න මට හිතුනා.

මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා http://www.novelslk.wordpress.com වෙබ් අඩවියේ පාලකවරයකු වශයෙන් කටයුතු කරන මනෝ ෆොන්සේකා මහත්මයට.ඉහත කී වෙබ් අඩවියේ මෙම කතාව පලවුනේ මනෝ ෆොන්සේකා මහත්මයගේ කැපවීමෙන්.ඒ නිසයි මම ඔහුට ස්තූතිය පුද කරන්නට යෙදුනේ.

කෙසේ වෙතත් ඔබට දැන් හැකියාව ලැබෙනවා මෙම අඩවිය තුලින් මෙම කතාව කියවීමට.එකතු වෙන්න අපිත් එක්ක.කතාවකට වැඩි යමක් ඔබට ලබා ගැනීමට හැකිවේවි ඉදිරියේදි..

දිගටම කියවන්න